Isaiah 38:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය. යෙසායා පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ සිය පොරොන්දුව ඉටුකරන බවට ඔබට ලකුණක් දෙන සේක. එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය. ජුදාහි රජ වූ හෙසකියා රෝගී ව සිට සුවපත් වූ පසු හෙතෙම මේ ප්‍රශංසා ගීතය ලිව්වේ ය: “මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි. ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි. ගලවා, ඉවතදැමූ එඬේර කූඩාරමක් සේ මාගේ ජීවිතය අවසන් වේ යැයි මම සිතුවෙමි. වියන්නා, යන්ත්‍රයේ වියන රෙද්ද අකුළා, කපාදමන සේ දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි. සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි. දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි. මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය; වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි; පරවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය. අහෝ, සමිඳුනි! මේ සියලු දුකින් මා මිදුව මැනව. මම කුමක් කියම් ද? මා මැසිවිලි කියන්නේ කෙසේ ද? මෙය කෙළේ සමිඳාණෝ ම ය. ජීවිතය මට තිත්ත වී ඇත; මට නිදාගත නොහැක. අහෝ, සමිඳුනි! මිනිසාගේ ජීවිතය මෙබඳු වන්නේ ය. මා සුවපත්කර, මා ජීවත් කළ මැනව. එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක. ඔබට තුති පිදීමට පාතාලයට නොහැක; ඔබට ප්‍රශංසා කිරීමට මරණයට නොහැක. ඔබ කෙරෙහි විශ්වාස කරන්න මළගියවුන්ට නොහැක. මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති. “සමිඳාණෙනි, ඔබ මා සුවපත් කළ සේක. එබැවින් අපි දිවි හිමියෙන් වීණා වාදනය කරමින්, ඔබට ප්‍රශංසා කරමු; ඔබේ මාලිගාවේ දී ඔබට ප්‍රසංසා කරමු.”
Sinhala Bile - Revised Old Version (SROV)
හෙසකියාද: මා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට යන බවට තිබෙන ලකුණ මොකදැයි අසා තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය.