Isaiah 57:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දොරටත්, උළුවස්සටත් පිටුපසින් නුඹලාගේ දේව පිළිම නුඹලා තබාගන්නහු ය. නුඹලා මා අත් හැර, නුඹලාගේ ඇඳුම් ගලවා, කුලියට ලබා ගත් පෙම්වත් අය සමඟ විශාල යහන්වලට වී කම් සැපෙහි යෙදෙන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දොරටත් උළුවස්සටත් එහායින් ඔබේ සලකුණ ඔබ තබා තිබේ. මක්නිසාද ඔබ මට නොව අනිකෙකුට ඔබම ප්‍රකාශවී නැගී ගියෙහිය; ඔබේ යහන පළල්කොට ඔවුන්ගෙන් පොරොන්දු ලබාගත්තෙහිය; ඔවුන්ගේ යහන දුටු තැනදී ඊට ආලය වූයෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
දොරටත්, උළුවස්සටත් පිටුපසින් නුඹලාගේ දේව පිළිම නුඹලා තබාගන්නහු ය. නුඹලා මා අත් හැර, නුඹලාගේ ඇඳුම් ගලවා, කුලියට ලබා ගත් පෙම්වත් අය සමඟ විශාල යහන්වලට වී කම් සැපෙහි යෙදෙන්නහු ය.