Jeremiah 11:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔව්හු කීකරු නොවී, තමුන්ගේ කන් යොමු නොකර, තම තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝය. ඉන්නිසා කරන්ට මා අණකළ නුමුත් ඔවුන් නොකළාවූ මේ ගිවිසුමේ සියලු කාරණා ඔවුන් පිටට පැමිණෙවුවෙමියි කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)