Jeremiah 31:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඇවිත් සියොන්හි උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේ ගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)