Jeremiah 32:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ශෙදෙකියා බබිලෝනියට ගෙන යන්නේය, මා මොහු දෙස බලා විමසන තුරු මොහු එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ සැම කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකළත් ඔබ සැමට ජය නොලැබෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔබ කියන්නේ මක්නිසාදැයි කියා ඔහු හිර අඩස්සිකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”