Jeremiah 34:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”