Jeremiah 48:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝවබ් භාජනයෙන් භාජනයට වත්කරනු නොලැබ, වාල්කමට නොගොස්, තමාගේ බාල වයසේ පටන් සුවසේ හිඳ, තමාගේ මණ්ඩි පිටින් නිශ්චලවී සිටියේය. එබැවින් ඔහුගේ රස ඔහු තුළ තවම තිබේ, ඔහුගේ සුවඳ වෙනස් නොවී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)