Jeremiah 49:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පර්වත ගුහාවල හා හෙල් මුදුන්වල වාසය කරන නුඹලා අනුන් බියගන්වන සුලු නුඹලාගේ සිත්හි උඩඟුකමෙන් රැවටී සිටින්නහු ය. නුඹලාගේ වාසස්ථානය රාජාලියෙකුගේ කූඩුව මෙන් ඉතා ඉහළින් පිහිටා ඇතත්, සමිඳාණන් වහන්සේ නුඹලා පහළට හෙළන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, ඔබේ සිතේ භයංකරකම ගැන ඔබේ සිතේ උඩඟුකමෙන් ඔබ රැවටුණෙහිය. ඔබේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් ඔබ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)