Jeremiah 49:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)