John 1:39 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එන්න, ඇවිත් බලන්නැ” යි උන්වහන්සේ කී සේක. එසේ ගිය ඔවුහු, උන්වහන්සේ වෙසෙන තැන දැක, එදින උන්වහන්සේ සමඟ ගත කළහ. එවිට වෙලාව දස වන පැය පමණ විය.
Sinhala Bile - New Revised Version (NRSV)
“ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇවිත් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔව්හු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක, එදින උන්වහන්සේ සමඟ නැවතුණෝය. ඒ වේලාව දසවෙනි පැය පමණ විය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.