John 13:12 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන්ගේ පා සේදූ පසු, උන්වහන්සේ තම කබාය යළි ඇඟ ලා, තම අසුනේ හිඳ, ඔවුන්ට මෙසේ පැවසූ සේක. “මා දැන් ඔබට කළ දේ කුමක්දැයි ඔබට වැටහෙනවා ද?
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: “මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත්කල ඔවුන්ට කියනසේක්: මා ඔබ සැමට කළ දේ කිමෙක්දැයි ඔබ සැම දන්නහුද?
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: “මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද?