John 18:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සීමොන් පේතෘස් ගිනි තපිමින් සිටගෙන සිටියදී, එතැන සිටි අය ඔහු අමතා, “ඔහුගේ ගෝලයන්ගෙන් කෙනෙක් නො වේ ද ඔබත්?” යයි ඇසූහ. පේතෘස් එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඔවුන්ගේ කෙනෙක් නො වේ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, “නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: “නැත, එසේ නොවේ ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සීමොන් පේතෘස් ගිනිතපිමින් සිටියේය. ඔව්හු: ඔබත් ඔහුගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. නැත, එසේ නොවේයයි ඔහු කීය.
Sinhala SNRV (New Revised Version 2018)
සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, “නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: “නැත, එසේ නොවේ ය”යි කී ය.