John 18:36 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ උත්තරදෙමින් මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)