John 19:10 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පිලාත් උන්වහන්සේ අමතමින්, “මට ඔබ උත්තර දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කරන්නටත්, කුරුසිපත් කරන්නටත් මට බලය තිබෙන බව දන්නේ නැද්දැ?” යි ඇසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් පිලාත් කතා කොට, “ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මට කථාකරන්නේ නැද්ද? ඔබ මුදාහරින්ට බලයද ඔබ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව ඔබ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් පිලාත් කතා කොට, “ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.