John 19:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින්ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වන් බොහෝ දෙනෙක් කියවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ ස්ථානය නුවරට සමීපවූ බැවින්, යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් එය කියෙවුවෝය. හෙබ්‍රෙව් ලතින් ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි.