John 19:23 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු හේවායෝ, උන්වහන්සේගේ පිට ඇඳුම් ගෙන, එක් කෙනකුට කොටසක් වශයෙන් සතර කොටසකට බෙදා ගත්හ. ඔවුහු උන්වහන්සේගේ කබාය ද ගත්හ. එම කබාය ඉහළ සිට පහළට මුළුමනින් එකම කඩක්ව වියන ලද්දකි.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
හේවායෝ යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගැසුවායින් පසු, උන්වහන්සේගේ වස්ත්‍ර රැගෙන, එක හේවායෙකුට එක කොටස බැගින් සතර කොටසක් කළෝය; උන්වහන්සේගේ සළුවද ගත්තෝය. ඒ සළුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලම වියලා තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)