John 19:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔවුහු එකිනෙකා අමතමින්, “අපි මෙය ඉරන්නේ නැතිව කාට එය වැටේදැයි බලන්න දාදු දමමු” යි කීහ. එසේ වූයේ, “ඔවුහු මගේ වස්ත්‍ර තමන් අතරේ බෙදාගෙන, මගේ කබාය සඳහා දාදු දැමූහ” යි ලියවුණු ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස ය. හමුදා භටයන් කළේ ද එයම ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)