John 19:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එය සූදානම් වීමේ දවස බැවින්, සබතේදී මළසිරුරු කුරුසවල නො තිබෙන පිණිස, ඔවුන්ගේ කකුල් කඩා, ඔවුන් ඉවත් කරවන ලෙස යුදෙව්වෝ පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. මන්ද ඒ දවස විශේෂ සබතක් විය.
Sinhala Bile - New Revised Version (NRSV)
එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවස සූදානම්වීමේ දවස බැවින්, සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස, ඔවුන්ගේ කෙණ්ඩා බිඳුවා, ඔවුන් පහකරන්ට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවෝය. මක්නිසාද ඒ සබත් දවස මහත් දවසක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.