John 2:10 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදියුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. ඔබ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.