John 20:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් සෙසු ගෝලයෝ, “අපි ස්වාමින්වහන්සේ දැක්කා” යි කීහ. ඔහු තම අදහස් දක්වමින්, “උන්වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, උන්වහන්සේගේ ඇණ සිදුරුවල මගේ ඇඟිල්ල දමා, උන්වහන්සේගේ ඇලයේ මගේ අත දැමුවොත් මිස, මා කිසි සේත් විශ්වාස කරන්නේ නැතැ” යි පැවසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, “අපි සමිඳාණන් වහන්සේ දුටිමු”යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, “උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)