John 21:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, “අන්න, ඒ ස්වාමීන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ ස්වාමීන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් යේසුස්වහන්සේ ප්‍රේමකළ ගෝලයා පේතෘස්ට කථාකොට: ඒ ස්වාමීන්වහන්සේයයි කීවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමීන්වහන්සේ බව අසා, තමා ඇඳුම් නැතුව සිටි බැවින්, වස්ත්‍රයක් ඉණේ බැඳගෙන, මුහුදට පැන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, “අන්න, ඒ ස්වාමීන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ ස්වාමීන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය.