John 4:27 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ වෙලාවේම උන්වහන්සේගේ ගෝලයෝ ආපසු පැමිණියහ. උන්වහන්සේ ස්ත්‍රියක හා කතාවෙන් පසුවනු දැක ඔවුහු මවිත වූහ. එහෙත්, “මොනවද ඔබට ඕනෑ?” කියා හෝ “ඇය සමඟ කතා කරන්නේ ඇයි?” කියා කිසිවකු ප්‍රශ්න කළේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, “ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, “ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, “ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, “ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත.