John 5:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ මරා දැමීමට යුදෙව්වන් වඩාත් වෙර දැරුවේ මේ නිසා ය; ඒ, උන්වහන්සේ සබත් නීති කඩ කළා පමණක් නො ව, දෙවියන්වහන්සේ ස්වකීය පියාණන් ය කියා ගනිමින්, දෙවියන්වහන්සේ හා සම තත්වයක් පවරා ගත් බැවිනි.
Sinhala Bile - New Revised Version (NRSV)
මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, “දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමානකරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, “දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.