John 5:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පියාණන්වහන්සේ යම් සේ ක්‍රියා කරනවා පුත්‍රයා දකිනවා ද, ඒ දේම කරනවා මිස, තනිව කිසිවක් කරන්නට පුත්‍රයාට නුපුළුවන් බවයි. පුත්‍රයා කරන්නේ, ඒ සැටියෙන්ම පියාණන්වහන්සේ කරන දේ කිරීමයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් ඔබ සැමට කියමි-පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)