John 6:53 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංස කෑවොත් මිස, උන්වහන්සේගේ ලෙය බීවොත් මිස, ඔබ තුළ ජීවනය නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් ඔබ සැමට කියමි- ඔබ සැම මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, ඔබ සැම තුළම ජීවනය නැත.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.