John 8:54 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින්ම මා මහිමයට පත් කරගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවය හිස්ය. මට ගෞරවකරන්නේ මාගේ පියාණන්වහන්සේය; උන්වහන්සේ ඔබ සැමගේ දෙවියන්වහන්සේයයි ඔබ සැම කියහුය; ඔබ සැම උන්වහන්සේ ඇඳිනගත්තේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය.