John 9:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.
Sinhala SNRV (New Revised Version 2018)