John 9:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එකල අසල්වාසීහු ද ඔහු සිඟමන් ඉල්ලනු දැක තිබූ අය ද, “හිඳගෙන සිඟා කෑ මිනිසා මොහු නො වේ දැ?” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, “මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, “මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ.