Joshua 12:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:
Sinhala SNRV (New Revised Version 2018)