Joshua 24:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.