Joshua 7:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: ඔබ සැම හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැම අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය ඔබ සැම අතරෙන් පහකරන තුරු ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට ඔබ සැමට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)