Joshua 8:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.
Sinhala SNRV (New Revised Version 2018)