Jude 1:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් අග්‍ර දේව දූත මිකායෙල් පවා මෝස‍ෙස්ගේ මිනිය ගැන යක්ෂයා සමඟ වූ ආරවුලේදී වාද කරන විට, අපහාසාත්මකව චෝදනා කරන්නට එඩිතර නො වී, “ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේකැ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් අග්‍ර දේවදූතයාවූ මීකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ ඔබට තරවටුකරනසේක්වයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)