Judges 19:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ මිනිසා ද ඔහුගේ උපභාර්යාව ද වැඩකාරයා ද යන්නට සැරසුණ විට ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහුට කතා කොට, “දැන් සවස් වේගෙන එයි. අනේ, රාත්‍රියේ නැවතී සිටින්න. ඉර බැස යන්නට ළඟ ය. රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සතුටු කරගෙන හෙට ඔබේ ගමනට වේලාසනින් නැඟිට ගෙදර යන්නට පිටත් වන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයා සහ ඔහුගේ උප භාර්යාවද වැඩකාරයාද යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා වන යෞවනියගේ පියා ඔහුට කථාකොට: දැන් සවස්වේගන එයි, අනේ මුළු රාත්‍රියේ සිටින්න. ඉර බහින්ට ළඟය, රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සන්තෝෂකරගන හෙට ඔබ සැමගේ ගමනට වේලාසනින් නැගිට ගෙදර යන්ට පිටත්වෙන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)