Judges 4:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බාරාක් සිසෙරා ලුහුබැඳ ආ කල, ජායෙල් ඔහුගේ පෙරමඟට ගොස්, “එන්න, ඔබ සොයන මිනිසා පෙන්වමි”යි ඔහුට කීවා ය. ඔහු ඈ සමඟ ඇතුළට ගිය කල, සිසෙරා වැටී මැරී සිටිනවාත්, ඇණය ඔහුගේ නළල පසාරු කර ඇති බවත් දුටුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බාරාක් සිසෙරා පස්සේ එළවාගන ආ කල යායෙල් ඔහුගේ පෙරමගට ගොස්: එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ඔබට පෙන්වමියි ඔහුට කීවාය. ඔහු ඈ වෙතට ආකල සිසෙරා වැටී මැරී ඉන්නවාත් ඇණය ඔහුගේ නළල් කෙළවරේ ඇනී තිබෙනවාත් දුටුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
බාරාක් සිසෙරා ලුහුබැඳ ආ කල, ජායෙල් ඔහුගේ පෙරමඟට ගොස්, “එන්න, ඔබ සොයන මිනිසා පෙන්වමි”යි ඔහුට කීවා ය. ඔහු ඈ සමඟ ඇතුළට ගිය කල, සිසෙරා වැටී මැරී සිටිනවාත්, ඇණය ඔහුගේ නළල පසාරු කර ඇති බවත් දුටුවේ ය.