Judges 7:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුල්ලේ ම පණිවුඩකාරයන් යවා, “මිදියන්වරුන්ට විරුද්ධ ව අවුත්, ඔවුන් එන්නට පළමුවෙන් බෙත්-බාරා දක්වා ජොර්දාන් ගඟේ තොටුපොළවල් අල්ලාගන්නැ”යි කියා යැවී ය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස් ව බෙත්-බාරා දක්වා ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුදාම පණිවිඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙත්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස්ව බෙත්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)