Judges 7:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් ඔබ උදෙසා විමසන්නෙමි. මොහු ඔබ සමඟ යේවයි මම යමෙකු ගැන ඔබට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු ඔබ සමඟ නොයේවයි මම යමෙකු ගැන ඔබට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)