Leviticus 10:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවකට තේවකරන පිණිස ඔසවන කළවයද තේව ළැපැත්තද ගින්නෙන් කළ පූජාව වන තෙල සමඟ ගෙනෙත්වා. ඒක ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ඔබටද ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටද සදාකාලේටම අයිතිවන්නාවූ කොටසක්යයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)