Luke 10:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවුවත් ආත්මයන් ඔබ සැමට යටත්වන නිසා නොව ඔබ සැමගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක.