Luke 10:30 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නොමරා මරා, හැර ගියා.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ.