Luke 11:39 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙන් හා දුෂ්ටකමින් පිරිලා.
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: “පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: පරිසිවරුවූ ඔබ සැම කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් ඔබ සැමගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: “පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.