Luke 12:5 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුටදැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට බය වන්න. ඔව්, උන්වහන්සේට බය වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් ඔබ බිය විය යුත්තේ කවරකුට දැ යි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට බිය වන්න; එසේ ය, උන් වහන්සේට බිය වන්නැ යි මම ඔබට කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම භයවිය යුතු කාටදැයි ඔබ සැමට පෙන්වමි. නැසුවායින් පසු නිරයෙහි හෙළන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේට භයවෙන්න; එසේය, උන්වහන්සේටම භයවෙන්නැයි ඔබ සැමට කියමි.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් ඔබ බිය විය යුත්තේ කවරකුට දැ යි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට බිය වන්න; එසේ ය, උන් වහන්සේට බිය වන්නැ යි මම ඔබට කියමි.