Luke 13:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඇය සුව කළේ සබතක බැවින්, කුපිත වූ සිනගෝග අධිපතියා පිරිස අමතා, “වැඩ කිරීමට දවස් හයක් තිබෙයි. සබත් දවසේ නො ව, ඒ දවසක ඇවිත් සුව කරවා ගනිල්ලා” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, “වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, “වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය.