Luke 13:34 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කරගන්නා සේ නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
“අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, ඔබ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් ඔබේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් ඔබ සැම කැමතිවුණේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)