Luke 14:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එහෙත් ඔවුහු සැවොම නෑවිත් සිටීමට හේතු දක්වන්නට වුණා. පළමු වැන්නා කරුණු දක්වමින්, ‘මා මේ ඉඩම් කැබැල්ලක් ගත්තා විතරයි; එය බලන්නට යා යුතුව තියෙනවා. එන්නට නො හැකිවීම ගැන හරි කණගාටුයි’ කීවා.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔවුන් සියල්ලෝම නෑවිත් සිටීමට එකලෙස කාරණා කියන්ට පටන්ගත්තෝය. පළමුවෙනියා: මම කෙතක් මිලේට ගතිමි, ඒක බලන්ට යන්ටම ඕනෑය. මට කමාවෙන මෙන් ඔබෙන් ඉල්ලමියි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.