Luke 2:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දේව දූතයින් ඔවුන්ගෙන් වෙන්ව, ස්වර්ගයට ගිය පසු, ඔවුනොවුන් ඇමතූ එඬේරු, “යමු; බෙත්ලෙහෙමට ගොස්, ස්වාමින්වහන්සේ අපට දැනගන්නට සැලසූ, සිදු වී ඇති ඒ අසිරිය බලමු” යි කියා,
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල, එඬේරු, “අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිඳාණන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමු”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ස්වර්ගයට ගිය කල එඬේරු ඔවුනොවුන් කථාකොට: දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන්වහන්සේ විසින් අපට දන්වනලද සිද්ධවූ මේ දෙය බලමුව කියා,
Sinhala SNRV (New Revised Version 2018)
තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල, එඬේරු, “අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිඳාණන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමු”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.