Luke 20:28 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කරගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි.
Sinhala Bile - New Revised Version (NRSV)
“ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත.