Luke 22:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අන්‍ය ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අධිපතිකම් පවත්වති; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ වනාහි උපකාරකාරයෝයයි කියනු ලබති.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති.