Luke 24:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
මනුෂ්‍ය-පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නටත්, කුරුසියෙහි ඇණ ගසනු ලබන්නටත්, තුන් වන දා නැවත නැඟිටින්නටත් යුතු ම යයි කියා උන් වහන්සේ ගලීලයේ සිටිය දී පැවසූ හැටි සිහි කරන්නැ”යි ඔවුන්ට කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියදී කථාකළ හැටි සිහිකරන්නැයි ඔවුන්ට කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)