Luke 4:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතුව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙතුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙතුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.